Saturday, July 5, 2014

ආදරය හා රසෝගය.

මේ තරම් දුක් විදින
සොදුරු නුඹ ගැන ලියන්නට...
සොයාගතිමි වචනයක්
අධෝමුඛයැයි කියා...........
භාවිතයේ පහසුවට
කියමි මම එයට......
 .....................................

.................................................
..................................................................පුක

Wednesday, February 19, 2014

ජීවිතය නිසා...........[කෙටිකතාවකි]





                                      ඔරුවේ අවර උඩ වසා සිටි රෑනකාවෙකු වැව් දියට සමාන්තරව පියඹා ගොස් ඉහලට නැගුනේ ගුවන් යානයක් ගුවන් ගත කරන්නාක් මෙනි. බන්දු ඇනියට අතගසා වියලෙන් අල්ලා ඔරුව වතුරට තල්ලු කළේ බණ්ඩාරගේ ද සහය අතිවය.

        "මොකද බන්දු දාහට අරන් සීයට දුන්නා වගෙ "

     බණ්ඩාර උපහාසාත්මකව කීවද එහි යම් බැරෑරුම් ගතියක් නොතිබුණාම් නොවේ. ජීවිතේ මහමෙරක් බර කරට අරන් තිබුණු බන්දුට ඊට එකතු වූ වැලි කැටයක බර පවා දනුනේ දුක විතරක් එකතු වෙච්ච හදවතේ  සියුම්ම කුටීරයටය.
            
            "නෑ බන් බණ්ඩාරේ........අප්පච්චිගෙ දානේ අනිද්දා.......හෙට පෝය"

Tuesday, February 18, 2014

සිරිමලී උඹ

"අනේ සිරිමලී උඹ
හිරි හීතලේ නැගිටලා....
ගත්තු දැලි වලන් ටික
ඉවර නැද්දෝ හෝදලා....
උඹේ වයසේ පොඩි එවුන්
ගියේ ඉස්කෝලෙ පේවෙලා...
....උඹ දවල් එහෙ ගිහින් -
 පොඩි හාමුගේ බත් එක දියන්...
දවසක් දා උඹ ගිහින්
බිත්ති කන්දේ එල්ලිලා...
ඉන්නකොට අවේ ඒ
ධර්මසිරි ගුරුතුමා...
උගන්නන්නේ බුද්ධ ධරුමේ
උපාධිය ගත්තේ ඒ තුමා,..
කැළණියේ විස්ස විද්දියාලේ.......
සෝපාක කතාවට - සවන් දුන් උඹට
ගැසූ පහරේ සැරට
බිත්ති කන්දත් පුපුරලා........
රෑට දන්කුඩ හූරලා කෑවනන්
බලාපන් සිරිමලී - හඳත් යට ලීය උඩ...

Thursday, February 13, 2014

පොළොන්නරුවේ පොඩි විජේ ඝාතනය: පුතා පල් හොරෙක් නම් එයාගේ මරණෙට ලොකු සෙනඟක් එයිද? - පොඩි විජේගේ අම්මා පුංචිමැණිකා අසයි

Polonnaruwe Podi Wije
මුළු මහත් පුලතිසි පුරවරයම ත්‍රාසයෙන් හා භීතියෙන් මුසපත් කළ පොළොන්නරුවේ පොඩි විජේ රට පුරාම ප්‍රසිද්ධ චරිතයකි. දර කැඩීමෙන් හා කුකුළන් ඇති කිරීමෙන් ජීවිකාව ඇරඹූ පොඩි විජේ දාමරිකයකු වූයේ සමාජයේ වරදින් බව ඔහුගේ නෑසියෝ කියති. එහෙත් හෙතෙම මං කොල්ලකෑම් ගණනාවක් හා මිනී මැරුම් පහක් සිදුකර ඇති බව පොලිසිය කියයි. විජේ ගේ වෘත්තාන්තය වසර තිස් එකක් තිස්සේ මාධ්‍ය වාර්තා කළේ වැරදි ආකාරයට බවත්, ඔහුගේ නමින් හැදුණු චිත්‍රපටය ද වැරදි සහගත බවත් ලියැවුණු ගීතවල ද දොස් ඇති බවත් ඒ නෑසියෝම අපට කියති. මේ ඔවුන් ගේ අද දවසේ කතාවයි.

මාතලන් උන්නෙහේට පින්ය

බොගයක් දැමීමට ලොකු එකෙන්ම හිතාගෙනා කොම්පීතරේ ගාවට ආවට මෙලෝදෙයක් මන්දන්නේ නැත. ගොයිතැන් කොරන මට මොන බොග්දැයි කුඩා අන්ත්‍රයේ සිට කොලබොකුවටම තේරුනත් මාතලන් අයියලාගේ එව්වා දකිද්දී කිතිකැවෙන ගතියක් ආවය.. උන්නැහේ කොටා තිබු පිලියෙලටම මාත් වැඩේ කොරාගෙන කොරාගෙන ගියාය. මේකේද පට්ටම ලලයක් ඇත වැඩ කරයෝ මේවාට හිනාවෙන්නේ නැත උන්නැහේලා මෙව්වාට හෙලුප් දෙනුවාය. ඒත් සම හරක් උම්බැ කියන්නත් බැරි නැත.පොඩිවිජේට වෙඩි වදින්නේ නැත ඒත් පොල්ලෙන් ගහනවා උහුලන්නට බැරිය..                                                                  මාතලන් උන්නෙහේට පින්ය