තෙතබර අහසක සිහිල පතා මා
සැදෑ අඳුර යට පියමැන්නා
විහග ගීතයක අර්ථය ගොළුකර
කළුවර සුළගක මට තනියක් දැනුනා....
සෙමෙන් සෙමෙන් පොලොවම සීතල කල
වැහි බිඳු කඳුලක උණුහුම මැකුවා
හංස රැජිණියක නර්ථනයෙන් මා
මුසපත් වී වැස්සක තෙමුනා......
පහන් සිනාවෙන් ඈ හිනැහෙද්දි
තනිකම කළුවර හුලගට දුන්නා
විහග ගීතයක අර්ථය මුසුකර
සැදෑ අඳුර යට පියමැන්නා
විහග ගීතයක අර්ථය ගොළුකර
කළුවර සුළගක මට තනියක් දැනුනා....
සෙමෙන් සෙමෙන් පොලොවම සීතල කල
වැහි බිඳු කඳුලක උණුහුම මැකුවා
හංස රැජිණියක නර්ථනයෙන් මා
මුසපත් වී වැස්සක තෙමුනා......
පහන් සිනාවෙන් ඈ හිනැහෙද්දි
තනිකම කළුවර හුලගට දුන්නා
විහග ගීතයක අර්ථය මුසුකර
ඈට යවන්නට මා කවියක් ලිව්වා....

No comments:
Post a Comment