Thursday, February 13, 2014

සිහින තවලම


කළුවරට ඇහැරෙන සිහින තවලම
කුර ගගා කදු තැනිතලා ලග
කොහේ ඉදලා කොහේ යනවද
හිතන් නැති මුත්.... හිතෙනවා...............

පාළු මූසල ලඳු කැලෑවට
නැලවිල්ල විය රැහැයි කෙඳිරිය...
පාර නොපෙනෙන එළිය නැති සඳ
අහසට වෙලා සරදම් කරයි මට...........
කළුවරේ ..........කළුවරේ...

                                                                                    සිහින තවලම නවතිනා දින
                                                                                    කුරවලට ලාඩම් ගසනු නැත...
                                                                                    මෙතෙක් ගෙන ආ සිහින ගැල් බර
                                                                                    බිම දමා අපි මියැද යනු ඇත.......
                                                                                    කළුවරේ.............කළුවරේ......

No comments:

Post a Comment