Tuesday, February 18, 2014

සිරිමලී උඹ

"අනේ සිරිමලී උඹ
හිරි හීතලේ නැගිටලා....
ගත්තු දැලි වලන් ටික
ඉවර නැද්දෝ හෝදලා....
උඹේ වයසේ පොඩි එවුන්
ගියේ ඉස්කෝලෙ පේවෙලා...
....උඹ දවල් එහෙ ගිහින් -
 පොඩි හාමුගේ බත් එක දියන්...
දවසක් දා උඹ ගිහින්
බිත්ති කන්දේ එල්ලිලා...
ඉන්නකොට අවේ ඒ
ධර්මසිරි ගුරුතුමා...
උගන්නන්නේ බුද්ධ ධරුමේ
උපාධිය ගත්තේ ඒ තුමා,..
කැළණියේ විස්ස විද්දියාලේ.......
සෝපාක කතාවට - සවන් දුන් උඹට
ගැසූ පහරේ සැරට
බිත්ති කන්දත් පුපුරලා........
රෑට දන්කුඩ හූරලා කෑවනන්
බලාපන් සිරිමලී - හඳත් යට ලීය උඩ...

අද දවාලේ උඹට...
නැහැ ... දැන් දොලහ පහුවෙලා...
ඊයේ දවාලේ උඹට
බුද්ධ ධරුමේ - ඇසූ වරදට
ගැසූ පාරවල් වල.....
තෙල් ටිකක් අතගාලා....
කුස්සියේ දොර වහලා....
නිදියපන් සිරිමලී
කරුමයට ඉඩදීලා..."




No comments:

Post a Comment