Polonnaruwe Podi Wije
මුළු
මහත් පුලතිසි පුරවරයම ත්‍රාසයෙන් හා භීතියෙන් මුසපත් කළ පොළොන්නරුවේ පොඩි
විජේ රට පුරාම ප්‍රසිද්ධ චරිතයකි. දර කැඩීමෙන් හා කුකුළන් ඇති කිරීමෙන්
ජීවිකාව ඇරඹූ පොඩි විජේ දාමරිකයකු වූයේ සමාජයේ වරදින් බව ඔහුගේ නෑසියෝ
කියති. එහෙත් හෙතෙම මං කොල්ලකෑම් ගණනාවක් හා මිනී මැරුම් පහක් සිදුකර ඇති
බව පොලිසිය කියයි. විජේ ගේ වෘත්තාන්තය වසර තිස් එකක් තිස්සේ මාධ්‍ය වාර්තා
කළේ වැරදි ආකාරයට බවත්, ඔහුගේ නමින් හැදුණු චිත්‍රපටය ද වැරදි සහගත බවත්
ලියැවුණු ගීතවල ද දොස් ඇති බවත් ඒ නෑසියෝම අපට කියති. මේ ඔවුන් ගේ අද දවසේ
කතාවයි.
පොළොන්නරුවෙ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ
වැඩි එඩි පෑ පොඩි විජේ
කැලේ රජවුණා
පොඩි
විජේගේ අප්පච්චිගේ ගමේ ගිරිතලේ මුලින් ම ජීවත් වූ මේ පවුලේ ඇත්තෝ මේ මහා
ශෝචනීය සිදුවීම් වැල ඔස්සේ ඒ ගමේ විසිනු බැරිව ජයන්ති පුරයට ආහ. ජයන්තිපුර
නම් ගමේද ඔවුනට සිටින්නට ලැබුණේ ඇතැම් පොලිස් නිලධාරීනගේ බොහෝ කරදර මැදය.වෙඩි නොවදින පොඩි විජේ
වැඩි එඩි පෑ පොඩි විජේ
කැලේ රජවුණා
පොලිසිය ඔවුනට අයිති ගෙවල් 7 ක් ගිනිබත් කළ බව ද ඔව්හු කියති. විජේගේ අප්පච්චි, අම්මා, බිරිය, අයියා, මස්සිනා හැම දෙනෙක් ම විටින් විට ‘විජේ නීතියට ලබා දීපල්ලා” යි ඉල්ලමින් මාරුවෙන් මාරුවට පොලිස් කූඩුවල රැඳවිණ. ජේ.ආර්. ගේ එජාප ආණ්ඩුවේ ආශිර්වාද ලැබූ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා නිසා විජේගේ මරණයෙන් පසුද ඔවුනට නැවත ගම් බිම් නැති විය. ඔවුන් දැන් පදිංචිව සිටින්නේ දිගම්පතන ගමේය.
බුදුන්ගේ පෙරකඳ පිළිවෙළ දක්නා නුවණින් ආශිර්වාද ලබා ගත්තාක් මෙන් අපි ඔවුන් සොයා ගිරිතලේ ජයන්තිපුර හා දිගම්පතන දියබෙදුම, දාහතාමාරේ පාර ඔස්සේ රදවිගෙඔය පසුකැර ජඹුරුවලට ද ගියෙමු.
රාත්‍රි කළුවර තුනී සළු එළද්දී වන රජ දහනේ සද්දන්තයන් පාර හරහා පනිද්දී අපි ගවේෂණයේ යෙදුණෙමු. ඒ ඔබට පිරිසුදු ඇත්ත ලිවීමටය. විජේගේ වියපත් අම්මා මා සොයා ගත්තේ දිගම්පතන ජෝයිස් හෝටලය හා අලියා හෝටලය පාරේ නිවෙසකදීය. ඇයට දැනට අවුරුදු 85 කි. නම එච්.ඩී. පුංචි මැණිකාය.
මුළු මහත් ලෝකෙම මගෙ පුතාගෙ කතාව විකෘති කරලා තමයි මහත්තයො ඔය පත්තරවලට ලිව්වෙ. චිත්‍රපටියක් හැදුවා කියනවා ඒකෙත් කියැවුණේ බොරු කතාවක්. මට ගැහැනු දරුවො පස්දෙනයි. පිරිමි දරුවො තුන්දෙනයි.
පොඩි විජේ කියන්නෙ පවුලෙ දෙවැන්නා. තඹලවැව ඉස්කෝලෙට පොඩි කාලෙ අපි අකුරු කරන්ඩ දැම්මෙ. අහිංසකයි. ඔය කොල්ල මට නාන්න වතුර ටික පවා උණුකර දුන්නා. මගේ මහත්තයා කළේ කුඹුරු වැඩ. විජේ හරිම ශක්ති වන්තයා.
විජේ ගේ බිරිය (එදා)
|
කොල්ලට ඒ කාලෙ අවුරුදු දාහතරයි. මගේ ලොකු පුතා සරණපාල. එයත් එක්ක මුදලාලි කෙනෙක් ගෙන් කරත්තයක් බදු ක්‍රමයට අරගෙන අයියයි මල්ලියි කැලේ ගිහින් දර කැපුවා. දවසට රුපියල් හයක් විතර ලැබුණලු. අර මුදලාලි ළඟ විජේ සල්ලි ඉතිරි කළා. දවසට රුපියල් දෙක ගණනෙ.
මාසයක් හමාරක් යන කොට ගෙදර සියලු දෙනාම මැලේරියාවෙන් වැටුණ. නංගිලා මැලේරියාවෙන් කෙඳිරි ගාද්දි ඒ අයට බෙහෙත් අරන් දෙන්න විජේ ගිහින් අර ඉතිරි කරපු සල්ලි ටික ඉල්ලලා. ඒත් මිනිහා දීලා නැහැ. එයා නරකට වැටුණෙ එතැනින්. ඊට පස්සෙ පුතා කුකුල්ලු ටිකක් හැදුව ජීවත් වෙන්න.
එහා පැත්තෙ ගෙදර අයිතිකාරයා තලන බටු වවන්නෙ. එයාගෙ වත්තට ගියා කියලා විජේගෙ කුකුළන්ට එයා මැහිතෙල් දීලා මැරුවා. විජේ ඒකෙන් පලිගන්න එයාගෙ වත්තෙ බටු හොඳින් පැහෙන කොට ඒවා බලහත්කාරයෙන් නෙළාගෙන වෙළෙඳපළට ගෙන ගියා. මේ විදියට තමයි පුතා නරකෙට වැටුණෙ.
අන්තිමට ගෝල බාලයෝ ගොඩාක් එක්ක එයා නරක වැඩ කළැයි කියනවා. ඒත් බාගෙට බාගයක් එයාට තිබුණෙ බොරු චෝදනා. එයා අලුතෙන් ගෙයක් හදලා කසාදයක් කරගෙන දරු පැටියෙකුත් හැදුවා. දරුවාට අවුරුදු දෙකහමාරක්වත් වුණේ නැහැ ඒ ගෙට ගෙවදින දවසෙම පොලිස් ජීප් හතරක් අපේ මිදුලට ආවා.
මොකක්ද වෑන් එකක් කොල්ලකාපු සල්ලි ගැන ඇහුවා. පුතා ඇත්තට ම හබරණ කැලේ ඔය කියන වාහනයක් කොල්ලකාලා තිබුණෙ නැහැ. උන් පුතාගෙ සරම ගලවල අත් දෙක බැඳල ලන්කට් එක පිටින් ජීප් එකට දාගත්තා. මම විලාප ගැහුවට උන් ඒව ගණන් ගත්තෙ නැහැ. හැබැයි පුතා උන්ට පහරදීල කැලේට පැන්නා.
උන් ආයෙම ඇවිත් පුතා දුක් මහන්සියෙන් හදාගත්ත ලස්සන ගේ පොඩ්ඩ ගිනිතියා දැම්මා. පොඩි එකාගෙ උප්පැන්න සහතිකේවත් ඉතුරු වුණේ නැහැ. ඊට ඉස්සෙල්ල පොඩි පොඩි නඩුවලට අහුවෙලා කොල්ලා හිරේ වැටුණා. එහෙම හිරෙන් නිදහස්ව ආපු වෙලාවක ගමේ මිනිස්සු එක්කාසු වෙලා එයාට දුන්නු රුපියල් පනස් දහක් විතර සල්ලි සහ වටිනා බඩු මුට්ටු ඒ ගෙදර තිබුණා.
තියෙන තැන්වලින් අරන් දුප්පත් මිනිසුන්ට බෙදපු එකත් විජේ කළා. එයාගෙ හොඳම යාළුවා උනම්බුවාට ගෙයක් පවා හදලා දීලා තියෙනවා. මැරුණ වෙලාවේ මෙහෙට ආව සෙනඟ මහත්තයා දැක්ක නම් පුදුම වේවි. පල් හොරක් නම් මිනිස්සු ඒ විදිහට එන්නෙ නැහැ.
අරක්කු ටිකක්වත් නොබිව් පොඩි පුතා නරක් කළේ සෝමේ හා එයාගේ සහෝදරයෝ කීප දෙනෙක්ඉස්සෙල්ලම එයා අපේ එකා ලව්වා ගෙන්නාගෙන තිබුණේ ගෙදරම තියෙන දේවල්. අන්තිමට පුතා ජීවිතේ තේරුම් ගන්න කොට ප්‍රමාදයි. පොලිසියට ඔත්තු දිදී එයාව නරකටම ගෙනිච්චෙ ඒ කට්ටිය.
පුතා ජිවත් වෙන්න කසිප්පු පෙරුව අර කට්ටියගෙ ඉල්ලීම් ඉෂ්ට නොකරනකොට ඒ අය විජේ ගැන ඔත්තු දුන්නා. මිනී මරණ එක හරිය කියල මම කියන්නෙ නැහැ. ඒත් පුතා එකම පවුලෙ තුන්දෙනෙක් මරල දැම්මා. ටෙරන්ස් පෙරේරා කියන පොලිස් අධිකාරිවරයා එක්ක හැප්පුණා.
එයාටත් එකපාරක් ගහලා ජීප් එකෙන් පැනලා තියෙන්නෙ. මැරෙනකොට අවුරුදු 27 යි මහත්තයෝ. දුවට අවුරුදු 2 1/2 යි. විජේගේ බිරිය මගේ ලේලි යසවතීට අවුරුදු 25 යි. ඒ නිසා එයා තවත් කසාදයක් බැන්ද. ඒ කසාදෙනුත් එයාට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මෙග් පුතා ගැන මට හරිම ආඩම්බරයි.
එයා මැරුවෙ එයාව නරකට ඇදල දාපු මිනිස්සු. එයා ස්ත්‍රි දූෂණ කාම අපරාධ කරලා නැහැ. ගමේ පවුල් ආරවුල් පවා එයා විසඳලා තියෙනවා. අපිට මේ වගේ පුතෙක් හිටියා කියලා අපි හම්බ කරපු දෙයක් නැහැ. පුතාගෙ මිනියෙන්වත් අපි හම්බ කළේ නැහැ. චිත්‍රපට හැදුවලු ගීත කිව්වලු මට යමක් ලැබිලා නැහැ.
මගෙ අනෙක් දරුවෝ මට සලකනවා. බේත්වලටත් මට මාසෙට හාරපන්දහක් යනවා. මට අඩුපාඩුවක් නැති වුණත් මගේ මුල් ගෙවල් පොලිසිය ගිනිතිබ්බ එක ගැන මට හරිම කනගාටුයි. පොඩිම දුව ගෙටවෙලා ඉන්දැද්දිත් පොලිසිය අපිට නිතරම හිරිහැර කළා.
මාවත් මගේ මහත්තයාවත් ගෙනිහින් කිසිම හේතුවක් නැතිව පුතා දෙනකන් තොපි හිටපන් කියලා දවස් දාහතරක් තියා ගත්තා. විජේ අාවේ නැහැ. ඒ පාර අතෑරියා. 1982 දෙසැම්බර් 12 වෙනිදා මගේ පුතා නැති වුණා. මට අද මුනුපුරන් 23 ක් ඉන්නවා. දෙමුනුපුරනුත් 14ක් ඉන්නවා. ප්‍රේමදාස මහත්තයා අගමැති කාලේ ගම් උදාවට යන ගමන් අපේ ගෙදරත් ආවා.
විජේගේ අප්පච්චිත් ලෙඩ ගානේ හිටියෙ. එයාවත් කවුරුදෝ වාහනයක හප්පලා මැරුවා. අම්මට ජීවත් වෙන්ඩ මං ගෙයක් දෙන්නම් කියලා ප්‍රේමදාස මහත්මයා නිවාස අධිකාරියේ එදා හිටපු ලේකම්ට කීවා. රුපියල් දෙදහයි මට ලැබුණෙ. මොරගස්වැව පන්සල දියුණු කරන්ඩයි මගේ ගෙදර හදන්ඩයි සල්ලි පාස් කළා කිව්වා. ඒත් පස්සෙ ඒ වැඩේ කෙරුණෙ නෑ. අර ලේකම් තානාපති කෙනෙක් වෙලා රට ගියා. ඊට පස්සෙ එතුමා ජනාධිපති වෙනකොටවත් අපිට එතුමාව හම්බවෙන්ට බැරි වුණා.
පුංචිමැණිකා මාතාවගේ කතාව සංවේදීය. ඇය බොහෝ දේවල් අතරින් පතර මතකයට නඟමින් කතා කළාය. ඇය දැන් පදිංචිව සිටින්නේ විජේගේ හතරවැනි නංගි රත්නාවතී කුමාරිහාමිගේ නිවසේය. රත්නාවතී මට මෙසේ කීවාය.
පවුලේ කවුරුත් එකතුවෙලා අද අම්මව බලා ගන්නවා. බෙහෙත්වලට විශාල වියදමක් ගියත් අපි ඒ ටික කරනවා. අපිට ගමේ ඉතිරිවෙච්ච දෙයක් නෑ. ජයන්තිපුරයෙන් අම්මයි අප්පච්චියි ඇවිත් තියෙන්නෙ වාහනයක සීට් අතර පහත්වෙලා ට්‍රන්ක පෙට්ටියක් විතරක් අරන්.
පොලිසිය ඊට ඉස්සරින් දවසෙ ඒ ගෙදර ගිනිතියලා. තිබුණු බඩු මුට්ටු ඔක්කොම පිච්චිලා. අයියගෙ නම හේරත් මුදියන්සෙලාගේ විජේසිංහ. මට අවුරුදු 14 යි අයියා මැරෙනකොට. සමාජය අයියගෙ නමට සැලකුවත් නීතිය අයියාව නොකළ වරදවලට පවා පැටලුවා.
එයා වියරු වැටුණෙ ඊට පස්සෙ. මට මතකයි තුවක්කුවක් අරන් ඇවිත් අප්පච්චිට කියනවා. අප්පච්චි මුන් මට සාධාරණව ජීවත්වෙන්ට දෙන්නෙ නෑ, මං මුන් සේමර මරාගෙන මැරෙනවා. මින් පස්සෙ අප්පච්චි මා ගැන හිතන්ඩ එපා කියලයි එයා කැලේ පැන්නෙ. චිත්‍රමිත්‍ර කියලා වෑන් එකක් කොල්ලෑකවයි කියල අන්තිම කාලෙ අය්යව පැන්නුවෙ.
හේරත් මුදියන්සෙලාගේ සරණපාල පොඩි විජේගේ ලොකු අයියාය. පොඩි විජේ නිසා පොලිසියෙන් බොහෝ ගුටි බැට විඳි ඔහු අද සීගිරිය පාමුල අඹ විකුණමින් ජීවිකාව කැර ගනී. ඔහු කියූ කරුණු සියල්ල මෙහි ලිවීමට බැරිය. පොතක් ලිවීමට තරම් කරුණු ඔහුගේ මතක ගබඩාවේ තිබේ.
මං ජීවිතය දිහා බැලුවේ උපේක්ෂාවෙන්. එයා සමාජයේ හිරිහැරයට අභියෝගයක් වුණා. අපේ අප්පච්චිගෙ අප්පච්චි ගිරිතලේ ගමේ හිටියෙ. අපි කුඩා දවසේ හිටියෙ ඒ ගිරිතලේ ජනපදයේ පුරාණ ඉඩම්වල. නියඟය ගංවතුර ආදි මේ හැම දෙයින්ම අපි බැට කෑවා.
මල්ලිව
වැරැදි දේවලට පොලඹන කට්ටිය එයාට විරුද්ධව ඔත්තු දුන්නා. පොලිස් අධිකාරි
ටෙරන්ස් පෙරේරා තමයි ගෙවල් ගිනි තියලා මල්ලිව වියරු වැට්ටුෙව. එයා මල්ලිව
මරනවා කිය කියා පස්සෙන් පැන්නුවා.
- ලොකු අයියා සරණපාල
|
අපට
අයියා නිසා ලැබුණු දෙයක් නෑ. නැතිවූ දෙයක් විතරයි තියෙන්නෙ. බෞද්ධ
හාමුදුරුනමක් වෙලා හිටපු මං අද මාළු වෙළෙඳාම් කරන්නේ ඒකයි. මගෙ පවුලෙ
කට්ටිය හුදෙකලාව අතහැරලා මහණදම් පුරන්න මට බැරිවුණා.
- පොඩි මල්ලී නිමල්
|
ගමට අලුතින් ඇවිත් පදිංචි වෙච්චි හයි හක්තිකාරයො ඒ ගෙනෙන බවුසර වතුර එකතු කරගෙන ආයිත් සල්ලිවලට මේවා දුප්පතුනට දුන්නා. ඇල්වතුර සිල්වා කියලා ඒ ගමේ මිනිහෙකුත් ඒ කාලෙ බිහිවුණේ ඒ විදියට. මැලේරියාවෙන් පවුල බේරගන්ඩ මොනවා හරි කන්ඩ මාත් විජේ මල්ලිත් දර කැපුවා.
දර මුදලාලිගෙ කතාව අම්මා කිව්වට ඊට ටිකක් එකතු වෙන්න ඕනෑ. එදා මල්ලි සල්ලි ඉල්ලන්න යන විට දර මුදලාලි කෑම ගනිමින් හිටියේ. බඩගින්නෙ ඉන්න මල්ලිට සල්ලි ටික නොදී කෑම ටිකක්වත් නොදී එයා එළවාගෙන තියෙනවා. මල්ලි වතුර ටිකක් ඉල්ලලා තියෙනවා පිපාසයට බොන්ඩ. එයා කෑම ගනිමින් ඉඳිමින්ම කියලා තියෙනවා පිටිපස්සෙ කළයෙන් බීපන් කියලා.
මල්ලි කළයේ පොල්කට්ටෙන් වතුර බොනකොට එයාට පෙනිලා තියෙනවා මුදලාලිගෙ කමිසෙ එතැන දොරේ එල්ලා තිබෙනවා. මල්ලිට අයිති රුපියල් හැත්තෑව නැතැයි කිව්වට අර කමිසෙ රුපියල් 350ක් තිබිල. මල්ලි ඒක අරගෙන කැලෑ පාරෙන් ආවා. එදා තමයි මල්ලිගෙ ජීවිතේ වෙනස් වුණේ.
ඊට පස්සෙ මල්ලි ගියේ ගොයම් කපන්ඩ මැදිරිගිරිය පැත්තෙ ජනතා කොමිටි සභාපති කෙනෙක්ගෙ කුඹුරක. අපි කුඹුරේ ගොයම් කැපුවට දවසට මල්ලිට ලැබුණෙ සත 50යි. ඒ සභාපති කට්ටියට හැමදාම කෑම ගෙනෙන්නෙ දවල් 3ට විතර. අනෙක් කුඹුරුවල වැඩ කරන අයට ඒ අයිතිකාරයො 12ට කන්ඩ දෙනවා.
මල්ලි ඒ නිසා එක දවසක් කෑම ප්රශ්නය විසෙඳන්නෙ නැති නිසා දවල් 12ට වැඩ නවත්තලා හිටියා. අයිතිකාරයා ඇවිත් මල්ලිත් තවත් මල්ලිට එකතු වෙච්ච ළමයෙකුත් පන්නලා දැම්මා. මල්ලි මැදිරිගිරිය පොලිසියෙ ලොක්කට වැඩ කරලාත් අහවලා පඩි දුන්නේ නෑ කිව්වාම මිනිහා අර සභාපතිගෙ ගෙදර ගියා.
සභාපති පොලිස් ලොක්කට සැලකුවා. ඒ අනුව පොලිසියෙනුත් ඒගොල්ලන්ව එළවා දැම්මා. එදාම රාත්‍රි මල්ලි අර ගොවි බිමේ පැලට පැනලා ඒකෙ පෙට්‍රල් ලාම්පුවත් කළගෙඩියත් අරන් ගිහින්. ඒකට නම් පොලිසිය මල්ලිවත් අර කොල්ලවත් අල්ලගෙන වධ දුන්නා. චෝදනා ගොඩාක් වැටුණා. නීතියත් ඉටුවුණා.
එයා අවුරුදු දෙකයි මාස 7කට හිරේ ගියා. මාත් 71 කැරැල්ලට සම්බන්ධ මිනිහෙක්. ඒ නිසා මහින්ද විජේසේකර මහත්මයා හඳුනනවා. එයා හරහා මල්ලිට ඊට පස්සෙත් ආපු බොහෝ නඩු බේරාගත්තා. මල්ලි ඇලහැර පැත්තෙ හේනක් කළ කාලයකුත් තිබුණා. එහෙම මොන දේ කළත් සාධාරණව ජීවත්වෙන්ඩ එයාට ඉඩ ලැබුණෙ නෑ.
එයා මුලින් අරක්කුවත් බිව්වෙ නැති වුණාට සමාජයේ වරදින් කසිප්පු පෙරන්නත් ගත්තා. මල්ලිව වැරැදි දේවලට පොලඹන කට්ටිය එයාට විරුද්ධව ඔත්තු දුන්නා. මේ අතර හබරණ කැලේදි ‘චිත්‍රමිත්‍ර’ වෑන් එකක් කොල්ලකාලා පොලිසිය මල්ලි පස්සෙ වැටුණා. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා තමයි ගෙවල් ගිනි තියලා මල්ලිව වියරු වැට්ටුෙව.
එයා මල්ලිව මරනවා කිය කියා පස්සෙන් පැන්නුවා. නියෝජ්‍ය පොලිස්පති සිල්වා මහත්මයා මල්ලිව පුනරුත්ථාපනය කරන්ඩ බැලුවත් ටෙරන්ස් පෙරේරාට අවශ්‍ය වුණේ මරන්ඩමයි. මාව අරන් ගිහින් වධ දීලා දවසක් එයා කිව්වා මල්ලි අද ගෙනාවොත් කකුල කඩලා බාරගන්නවා.
නැත්නම් හෙට අනිද්දට මරණවයි කියලා. මං බොහොම අමාරුවෙන් ගෙනිහින් බාර දුන්නාම ටෙරන්ස් පෙරේරා ඩී.අයි.ජී.ටත් ගස්සලා යන්න ගියා. නඩුවලට පෙරඩ් තිබ්බාම ඒ මිනිස්සු මල්ලිව බලලා කියනවා ඒ මනුස්සයා අපට වැරැදි කළේ නෑ. අපට වැරැදි කළේ වෙන කෙනෙක්” කියලා. මල්ලි පසු කාලයක මරා දමාපු කට්ටිය තමයි මෙයාගෙ නම කිය කියා හුඟාක් වැරැදි කළේ.
අපිට
ගමේ ඉතිරිවෙච්ච දෙයක් නෑ. ජයන්තිපුරයෙන් අම්මයි අප්පච්චියි ඇවිත් තියෙන්නෙ
වාහනයක සීට් අතර පහත්වෙලා ට්‍රන්ක පෙට්ටියක් විතරක් අරන්. පොලිසිය ඊට
ඉස්සරින් දවසෙ ඒ ගෙදර ගිනිතියලා. තිබුණු බඩු මුට්ටු ඔක්කොම පිච්චිලා.
අයියගෙ නම හේරත් මුදියන්සෙලාගේ විජේසිංහ.
- නංගි රත්නාවතී කුමාරි
|
තාත්තා
ගැන මට ආඩම්බරයි. එයා නරක කෙනෙක් නොවේ. සමාජයෙන් මට හොඳ සැලකිල්ලක්
තියෙනවා. මගෙ තාත්තා පල් හොරෙක් ලෙස සමාජය පිළිගන්නෙ නෑ. එයා සමාජයට උදවු
කරලා තියෙනවා. මං අද කඩයක් දාගෙන මේ ගමේ ජීවත්වෙන්නෙ.
- විජේගේ දුව විජය මල්ලිකා
|
කැපුම් පාරෙන් ලේ විදිද්දි දෙවැනි කඩු පාර අල්ලලා කඩුව උදුරා ගත්ත මල්ලි ඒ මිනිහාව පෙති පෙති කපලා දැම්මා. එහෙම කපලා හැතැප්ම ගණනක් බයිසිකලේක ගිහින් ගමකදි බෙහෙත් දාගෙන කාලයක් හැංගිලා හිටියා.
විජේගෙ කුමාරිහාමි නංගි හා අම්මා කී තවත් වැදගත් කතාවක් මට සිහිගැන්වෙයි.
එයාට පෝනියෙක් හා බල්ලෙක් හිටියා. බල්ලාත් පෝනියාත් එයාට දරුවන් වගේ. පොලිසිය ඔත්තු බලනකොට පෝනියා යන්නෙ පාරවල් මාරු කරලා. නිතර පොලිසිය පනින නිසා මල්ලිගෙ සරමක් වැලකවත් තියන්ඩ බල්ලා ඉඩ තියන්නෙ නෑ. අන්තිමේ පොලිසිය ඒ පෝනියාවත් බල්ලාවත් දාගෙන ගියා. වස දීලා මැරුවා කියලා දැනගන්ඩ ලැබුණා.
පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාට පහර දීලා මල්ලි පැන්නට පස්සෙ එයා මල්ලිත් එක්ක වෛරයෙන් හිටියෙ. එයාට හුඟාක්ම තරහා තිබුණේ උසාවියෙදි පොලිස්කාරයො දෙන්නගෙ ‘වෙපන්’ අරගෙන ඒ අයව වැසිකිළියට දාලා වහලා මාතලේ දිසාපති එන වාහනයෙන් එතුමාව ඇදලා දාලා ඒ වාහනය අරන් පැනලා ගිය සිද්ධියට... නැවතත් සරණපාල අපේ කතාවට එක්වෙමින් කීවේය.
අපි දිගම්පතනේ නිමල් විජේකෝන් නම් විජේගේ පොඩි මල්ලි ද හමුවීමු.
මං මහණ වෙලා අවුරුදු 14ක් හිටියා. අයියා වැරැදි වැඩ කරලා තියෙන්නෙ සමාජයේ වරදින්. අපට අයියා නිසා ලැබුණු දෙයක් නෑ. නැතිවූ දෙයක් විතරයි තියෙන්නෙ. මහණකම දාලා ඇවිත් අද දරුවන් බිරියත් එක්ක ජීවත්වුණත් අපේ පවුලට සමාජයෙන් හා නීතියෙන් වෙච්ච ව්‍යසනය දැකලා මාත් කලකිරුණා. බෞද්ධ හාමුදුරුනමක් වෙලා හිටපු මං අද මාළු වෙළෙඳාම් කරන්නේ ඒකයි. මගෙ පවුලෙ කට්ටිය හුදෙකලාව අතහැරලා මහණදම් පුරන්න මට බැරිවුණා.
බොහෝ දුෂ්කරතා විඳිමින් දියබෙදුම ගමට ගොස් පොඩි විජේගේ දියණිය හමුවීමට ද අපට හැකි විය.
තාත්තා ගැන කියලා තියෙන දේවල් බැලුවම බොහෝ මාධ්‍ය වාර්තා බොරු. ඇය අප ප්‍රතික්ෂේප කළාය. කරුණු පැහැදිලි කර දීමෙන් පසු ඇය මට කරුණාවන්ත වූවාය. ඇගේ නම එච්.එම්.විජයමල්ලිකා පුෂ්පකුමාරිය.
තාත්තා ගැන මට ආඩම්බරයි. එයා නරක කෙනෙක් නොවේ. සමාජයෙන් මට හොඳ සැලිකිල්ලක් තියෙනවා. මගෙ තාත්තා පල් හොරෙක් ලෙස සමාජය පිළිගන්නෙ නෑ. එයා සමාජයට උදවු කරලා තියෙනවා. මං අද කඩයක් දාගෙන මේ ගමේ ජීවත්වෙන්නෙ. මටත් අද දරුපැටවුන් දෙන්නෙක්.
තාත්තා මැරෙනකොට අම්මටත් අවුරුදු 25යි. එයා මැරෙන්ඩ අවදානම ගත්තාට පස්සෙ එයාගෙ යාළුවා රාජාට (සුමිත් ගමගේ) කියා තිබෙනවා මගෙ දරුවා බලාගනින්. මගෙ ගෑනිත් තරුණයිනේ. උඹ කසාද බැඳපන් මල්ලී කියලා. අද අම්මා කසාද බැඳලා ඉන්නේ ඒ මාමවයි.
මම විජේගේ බිරිය යසවතී සොයමින් ජඹුරුවලට යමි. ඇයගේ අද දරුවන් අතර කිසිවෙකු අපට තොරතුරු දෙනවාට විරුද්ධය. ඒත් යසවතී කී යමක් මම උදුරාගතිමි.
විජේගේ නම විකුණාගෙන ඔය පවුලෙ කට්ටිය සල්ලි ගත්තා. චිත්රපටිකාරයොත් අම්මට රුපියල් දහදාහක් දුන්නා. මටත් මගෙ දරුවාටත් ලැබිච්ච දෙයක් නෑ. විජේගේ බිරිය වෙලා හිටිය එක ගැන කනගාටු නෑ. එයා ළඟ හොඳ මිනිස්කම් තිබුණා. දැන් ඉන්න මහත්මයත් ඒ වගේමයි. ඇය කීවාය.
විජේගේ පවුලේ කතා කළ සියල්ලන් කී පොදු කතාව මෙයයි.
විජේ මැරුවෙ එයාගෙ යාළුවා උණම්බුවා. එයා තමයි මුලින්ම කරේ තිබුණු ජප කළ මාලය ගලවලා ඌරුමස් කන්ඩ දීලා තියෙන්නෙ. ආණ්ඩුවේ ටෙරන්ස් පෙරේරා දෙනවා කියපු රුපියල් 25,000 ගන්ඩ එයා විජේව මැරුවා. ටෙරන්ස් පෙරේරා විජේගේ මළ සිරුරට වෙඩි තියලා තමන් මැරුවා කියලා වීරයා වුණේ.
උණම්බුවා විජේගේ ළඟම සිටි යාළුවාය. ඔහු ගේ දොර පවා ලබාගත්තේ විජේගෙනි. ඔහු සීසර් ළඟ සිටි බෲටස් මෙන්ම යේසුස් ළඟ සිටි ජුදාස් මෙන්ම තම යාළුවා මරා දැමීමට හේතුවිය.
විජේ සඟවා ඇති නිධානයක් ගැන කියමින් පිරිසක් විජේගේ දුව රැගෙන යෑමට මහන්සි ගෙන තිබේ. මළගිය ඇත්තන් ගෙන්වන තැනක මියගිය විජයගේ ආත්මය ගෙන්වා ගත් බවද කියයි. එවිට විජය මෙසේ කියූ බව ඔවුහු අදහති.
මං හම්බ කළ සල්ලි කොහේවත් හැංගුවේ නෑ. සියල්ල මිනිසුන්ට දුන්නා. මගෙ ජීවිතේ නිස්කාරණේ නාස්ති කළා වගේ මගේ දුවගේ ජීවිතේ නාස්ති කරන්ඩ එපා.
කොමෙන්ට්ස් හිට්ස් ගැන නොහිතා දිගටම ලියපන්.. උඹේ කවි මල් මසුරන්..
ReplyDeleteජයවේවා...!!!
බොහොම පින්
DeleteGodak pin obathumata samaje oya wage godak sathya wasan una dewal thiyenawa ewa eliyata ganna one
ReplyDelete